St. Joseph's Balika Maha Vidyalaya
පාසල පැමිණි ගමන් මග කොළඹ කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස් සාන්ත ජෝසප් වීදියේ සාන්ත ජෝසප් බාලිකා මහ විද්‍යාලය 1870 දී ඉංග්‍රීසි පාසලක් ලෙස ආරම්භ විය. එවකට එහි නාමය සාන්ත ජෝසප් කාන්තා ඉංග්‍රීසි පාසල නම් විය . වර්ෂ 1881 දී සාන්ත ෆ්‍රැන්සිස් සේවියර් නිකායට අයත් පැවිදි සොයුරියන් මෝදර සාන්ත අන්තෝනි කන්‍යාරාමයේ සිට පැමිණ ස්වභාෂා ඉගැන්වීම් කටයුතු වල නියැලුනහ. මුල් කාලයේ දී සිසුන් ප්‍රමාණය ඉතා ස්වල්ප වූහ . මුෆර් මහත්මිය හා ඩයක් සේ මෙනෙවිය බාලිකා අංශයට භාරකරුවන් වූහ. එවකට ඉංග්‍රීසි පාසල්වල නිරීක්ෂයෙක් වන සී. එස්. හැරිසන් මහතාගේ යෝජනාවක් අනුව 1914 දී පමණ ඉංග්‍රීසි බාලිකා පාසලක් ලෙස ලියාපදිංචි කරන ලදී. 1935 දක්වාම මෙම පාසැල භාරව කටයුතු කළේ ගිහියන්ය. ගරු , කසුගුවෙල් ( නි.ම.නි ) පියතුමන්ගේ සමයේ 1936 සැප්තැම්බර් 01 වන දින සාන්ත ෆ්‍රැන්සිස් සේවියර් පැවිදි සොයුරියන්ට මෙම පාසැලේ වගකීම පවරන ලදී . යහපත් එඩේරාගේ පැවිදි සොයුරියෝ නිවැරදි මාර්ගයක් ඔස්සේ මෙම නෞකාව දියත් කරන්නෝය. 1961 පාසල් රජයට පවරා ගැනීමෙන් පසු මෙම පාසල 1C සිංහල බාලිකා පාසලක් බවට පත්විය . පසුව එය සාන්ත ජෝසප් බාලිකා මහ විදුහල නම් විය . මෙම විදුහලේ 1 ශ්